Monday, February 13, 2012

ඔබේ පුංචි උදව්වෙන් ජීවිතයක් බේරගන්න....




ජීවත් වෙන්න අපි හැමෝම ආසයි...  ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි 
මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... 
ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...

ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... 

මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...

අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන අය... අපේ අතින් ඉටුවෙන්න 

තියෙන යුතුකම්.. මේ හැමදේම දාල අපිට  යන්න වෙන්න පුලුවන් 
මේ ලෙඩරෝග නිසා...

පිලිකාව කියන්නෙත් ඒවගේ මාරාන්තික ලෙඩක... පිලිකාව නිසා 

අපි අතරින් අකාලෙ වෙන්වෙලා ගිය එක්කෙනෙක් හෝ ගැන 
අපි අහල තියෙනවා... ඒ තරමට පිලිකා මාරයා දරුණුයි...

ඒත් දැන් වෛද්‍ය තාක්ෂනෙ දිවුණු නිසා මේ රුදුරු ලෙඩ රෝග බොහෝමයක්

 පරාජ කරන්න පුලුවන්... ඒත් අව‍ශ්‍ය එක දෙයක් තියෙනව ඒ.. මුදල්...

හැමෝටම ඒවගේ අවස්තාවකට මුහුණ දෙන්න ප්‍රමානවත් ආර්ථික

 ශක්තියක නැති වෙන්න පුලුවන්

අන්න ඒවගේ අවස්ථාවකට මුහුණදීල ඉන්න සහෝදරියක් තමයි මදුෂාණි

ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ 

රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....


අපේ ආදරනීයෙකුගෙ ජීවිතේ වටිනාමකම ඇහුවොතින් ඔබට 

මුදල් වලින් ඒක මනින්න පුලුවන්ද... ??

ඇයත් ඒ වගේම  ආදරණීය හෝදරියක් , යෙහෙලියක් , දියණියක් ......

ඒත් ඇයගෙ ජීවිතය මිල වෙලා තියෙන්නෙ දෙලක්ෂ විසිදාහක් වගේ මුදලකට.

.රු 100ක් බැගින් පරිත්‍යාග කලත්  2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය 
බේරාගන්න පුලුවන්...

අපි පරිත්‍යාග කරන සුළු මුදලට ජීවිතයක් බේරගන්න වගේම ගොඩක් 

දෙනෙක්ගෙ ඇස්වල කදුළුත් නවත්තන්න පුලුවන්...

ඒවගේම ඒ බේරාගනුපු ජීවිතය හිනාවෙන සැරයක් සැරයක් පාසා 

අපිටත් හිනාවෙන්න පුලුවන්..

ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් බලාගන්න පුලුවන්...

ඔබටත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු දෙන්න මෙන්න මේ විදිවලින් පුලුවන්....

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් ,

 එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත 
email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ
 පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි 
සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල 
සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩුදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති


තව දුරටත් මේ නැගනියගේ රොගි තත්වය හා ව්ස්තර පිලිබදවත් ඔබේ 

පරිතයාගයන් පිලිබදවත් ෆේස් බුක් මෙම පි‍ටුව හා සම්බන්ද වි ලබා ගත් හැක ( http://www.facebook.com/cooperative.nts )


Or more details :-

M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha
Facebook:<http://www.facebook.com/M.M.Nishantha
Blog: http://nursinglanka.blogspot.com/



මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර 

මේ නැගනියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න.. 

සම්පූර්ණ උපුටා ගැනීම  පොඩිමෑන් ගේ ලිපිය..

6 comments:

  1. keeyak wage gaanakda oyagollo samanyen podi donation ekak widiyata ganan ganne ekkanekgen?

    ReplyDelete
  2. මේ වගේ එහෙකට ගණන් අහන්නේ, පුළුවන් ගානක් දෙමු.

    ReplyDelete
  3. මේ වාගේ දෙයක් පිළිගතහැකි කරුණු සහිතව පලකිරීම පැසසිය යුතු කරුණක්. මාගේ බ්ලොග් එකේ තේමාවට නොගැලපෙන බැවින් එහි මෙය පළ නොකල ද මා ද ඇය වෙනුවෙන් ආධාරය කරන්නෙමි.

    ReplyDelete
  4. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
    රටේ මාෆිලුන් සහ උන්ගේ විශ දරන අඳබාලයින් හඳුනාගනිමු!
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු!

    ReplyDelete
  5. අය්යේ අනේ මම පොඩි අහිංසක කෙල්ලෙක්. මට හරි ආසයි අන්තර්ජාලය පිළිබඳව මගේ දැනුම වැඩි දියුණු කර ගන්න. ඒ හේතුව නිසාම මමත් පොඩියට හීනියට බ්ලොග් ලිපි ටිකක් මට පුලුවන් විදිහට ලියලා දාලා බ්ලොග් එකක් කරගෙන යනවා. ඒත් අය්යේ මට නම් බ්ලොග්කරණයට වැඩිය අත්දැකීම් නැහැ. මමත් ඉතින් පුංචි කෙල්ලෙක්නේ. මම හරිම ආසයි ඔයාලා වගේ ප්‍රවීණ, උගත්, බුද්ධිමත් අය ඇසුරු කරලා වටිනා කියන අදහස් සාරවත් සංකල්පනා උකහා ගන්න. ඔයාට පුලුවන් නම් හොඳ අය්යා වගේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා ලිපි කියවලා කමෙන්ට් කරන්න අය්යේ. අය්යට බුදු සරණයි..!! රත්තරන් අය්යේ.. ඔයා එනකල් මම මඟ බලා ඉන්නවා හොඳද?

    ReplyDelete
  6. ඔන්න මමනම් බුකියේත් ශෙයා කොරනවා........
    ඉක්මනින් සනීප වේවා

    ReplyDelete