Sunday, August 7, 2011

සිංහයාගෙන් පණිවිඩයක්

සිංහ අඩවිය ලියන ගයාන් රූපසිංහ සහෝදරයාගෙ ඉල්ලීම මත පහත දැක්වෙන ඔහුගේ ලිපිය මේ අඩවියෙත් පළ කරනවා.

සැවොගේම දැන ගැනීම පිනිසයි....


මේකත් පන්සල සම්බන්ද දෙයක්.. පානදුර, කලුතර වගේ ඉන්න අය දන්නවත් ඇති. ඇද ඇද ඉන්න ඕනේ නෑ ඔන්න අහගන්න. පානදුර දකුන බලමණ්ඩලයට අයත් දහම් පාසල් සියල්ල මේ වෙනකොට තාවකාලිකව වසා දාල කියල ඔයාල දන්නවද... පානදුර දකුන කියන්නේ වාද්දුව, නල්ලුරුව හරිය,, අද ඉදල පානදුර උතුර ඒ කියන්නේ පරන පාරෙ කෙසෙල්වත්ත ගොරකාන පල්ලිමුල්ල ප්‍රදේශ වල දහම්පාසල් තාවකාලිකව දින නියමයකින් තොරව වසා දැමුනා. මේකට හේතුව විදිහට දක්වන්නේ වාද්දූව ප්‍රදේශයේ එක් පන්සලක් ඉදිරිපස නව රට බීම හලක් ඉදි කිරීම යි. මෙම රට බීමහලට ලබ දෙන්නාවු බලපත්‍රය අහොසි කරන මෙන් අදාල පන්සලේ විහාරාධිපති හිමියන් විසින් පානදුර ප්‍රාදෙශිය සභාවට දැනුම් දීමෙන් පසු ප්‍රදෙශිය සභාව විසින් එම බලපත්‍රය නිකුත් නොකල බවත් පසුව රට බීම හලේ අයිති කරු විසින් වෙනත් මාර්ගයකින් එම බලපත්‍රය ලබා ගෙන ඇති බවත්, බලපත්‍රය ලබා ගැනීමෙන් පසු රට බීම හලේ අයිති කරු ඇතුලු පිරිසක් එම විහාරාදිපති හිමියන්ට බලපෑම් එල්ල කරනබවත් දැනගන්නට ලැබී තිබෙනවා. 

ඒ වගෙම තමයි මේ වෙනකොට පානදුර අධිකරනයේ නඩුවක් පවා මේ වෙනකොට විභාග වෙමින් පවතිනවා. එම නඩුවේදි අදාල රට බීම හලේ හිමිකරු යැයි පවසන අයෙකු පවසා ඇත්තේ අදාල පන්සල තුල දහම්පාසලක් තිබු බවත් වර්තමානයේ ඒම දහම්පාසල නොපැවත්වෙන බවත්ය. නමුත් එම දහම්පාසල වසා දමා ඇත්තේ අදාල පුද්ගලයාගේ බලපෑම මත බවයි තතු දත්තන්ගේ මතය.. කෙසේ වෙතත් මේ සම්බන්දව දැඩි විරෝදයක් පසු ගිය සිකුරාදා දින පානදුර නගර මධ්‍යයේ පැවත් උනා.මේ වනවිට අදාල ප්‍රදේශ වල  දහම්පාසල් සියල්ල තාවකාලිකව නවත්වා දම තිබෙන්නේ බල මන්ඩල අධිපති ස්වාමීන් වහන්සේලාගේ අනු දැනුම මතයි.  මේ වනවිට පානදුර උතුර සහ පානදුර දකුන ප්‍රදෙශවල සියලුම දහම්පාසල් නොපැවැත්වෙන අතර අදල සිද්ධිය සමතයකට පත්වන තුරු මෙම ක්‍රියා මාර්ගය අනුගමනය කරනබවත් අදාල බලමන්ඩල අධිපති ස්වාමීන් වහන්සේලා තීරනය කර ඇත.අවශ්‍ය උවහිත් මොරටුව බල මණ්ඩලය සහ කලුතර බලමන්ඩලයේද සහය ලබා ගන්නා බව මෙම ස්වාමීන් වහන්සේලා ඊයෙ පැවති බලමන්ඩල රැස්වීමෙදී දනවා සිටියා.


ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. මම කීව සියලු කරුනුවල වගකීම මම භාර ගන්නවා.. පුලුවන්නම් ඔයාලගේ බ්ලොග් අඩවිවල මේ ලිපිය පල කරන්න. දැඩි උද්ගෝශන කරන්න දම්පාසල් ගුරුවරු වන අපිට සහ මේ පොඩිත්තන්ට බෑ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් සුලු හරි උදව්වක් විදිහට ඒ උපකාරය කරන්න. අද ඉදල අපේ පන්සලෙත් දහම්පාසල තාවකාලිකව වහල. ඉරිද උදෙට හිතෙන් කොයිතරම් බැන බැන පන්සල් ගියත් මේ පුවත දැනගත්ත වෙලාවේ පපුව මොකක්ද වෙලා ගියා.. ඔහොම තමයි. කවද හරි ඇත්ත ජය ගනිවි..

ජය.....  

9 comments:

  1. මේ සිංහය ඉන්නෙත් වාද්දුවෙ තමා ... ඔය සිද්දිය අපි හොඳට දන්නවා ............!!!

    ReplyDelete
  2. මුංව හම ගහන්න එපැයි...:-(

    ReplyDelete
  3. බීම හල නිසා දහම් පාසල් වැහීම පය බරවායට පිටි කරේ බෙහෙත් බැඳීම වගෙයි.. මේ ගැන රන්මාලුවගේ අඩවියේ හොඳ සටහනක් තියෙනවා.

    ReplyDelete
  4. හෆොයි මෙහෙමත් අපරාධ..

    ReplyDelete
  5. සිරාවට බාර් එකක් දැම්ම කියල දහම් පාසල්වහන එක නම් අමන තකතීරු මෝඩ වැඩක්. අපේ හාමුදුරුවොත් දැන් ස්ට්‍රයික් කරනවා වගේ.

    ReplyDelete
  6. මමත් ඔය සින්හයා ඉන්න පැත්තේ තමයි දැන්නම් දහම් පාසල් ඇරලා

    ReplyDelete
  7. මමත් ඔය සින්හයා ඉන්න පැත්තේ තමයි දැන්නම් දහම් පාසල් ඇරලා

    ReplyDelete
  8. ආ මාෆිල්ලු....

    ReplyDelete